ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව  (අයි.සී.සී.) තීරණය කර තිබෙනවා.

ඒ අනුව  සාමාජිකත්වය යළි හිමිවන තෙක් ශ්‍රී ලංකාවට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම් සහ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මෙන්ම එහි පරිපාලනයට  රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ඊයේ (10) පැවැති අයි.සී.සී. රැස්වීමකදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ඉදිරියේදී දැනුම් දෙනු ලබන බව එහි නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *