ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව අද දිනය පුරා ඒ පිළිබද විවාදය පැවැත්වුණා.

එහිදී පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වූ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පළ කළා.

ඒ අනුව ඡන්දයකින් තොරව එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *