2 වැනි වරට පැවැත්වෙන ආසියානු සහාය දිවීමේ ශුරතා තරගාවලිය ජුනි 20 -21 චීනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගිවිමට නියමිතව තිබුණත් ඔවුන්ට තනිවම වීසා ගාස්තු දැරිමට සිදුවීම හේතුවෙන් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වය අවිනිශ්චිතව තිබෙනවා.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වීසා සඳහා මුදල් ලබා නොදන බව ප්‍රකාශ කිරීමත් සමග මෑත කාලයේ දක්ෂතා අතර සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද වාර්තා වනවා.
