දඹුල්ලේ පැවැත්වෙන් තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා.
ඒ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 8කින් ජය ගනිමින්.
රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකා A කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත්වුණා.
හසන් එයිසාකිල් ලකුණු 46ක් රැස් කළ අතර පන්දුයැවීමේදී චාමික ගුණසේකර කඩුලු 3ක්, කුගදාස් මතුලන් සහ විජයකාන්තා වියස්කාන්ත් කඩුලු දෙක බැගින් දවා ගත්තා.
ලකුණු 245ක ඉලක්කයක් හඹායාම සඳහා ශ්රී ලංකා A ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සමගින් අවිශ්ක ප්රනාන්දුයි.
ඔවුන් දෙපළ ආරම්භක කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ගොඩනැගී අතර දික්වැල්ල ලකුණු 49ක් රැස් කළා.
විශේන් හැළඹගේ ලකුණු 4කට දැවී ගියා.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්යායට අනුව ශ්රී ලංකා A කණ්ඩායමට පන්දුවාර 41කදී ලකුණු 241 ක ඉලක්කයක් හිමි වුණා.
අවිශ්ක ප්රනාන්දු සහ සදීර සමරවික්රම 3 වැනි කඩුල්ලට ලකුණු 137ක නොබිඳුනු සබඳතාවක් ගොඩනගමින් ශ්රී ලංකා A කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන ගියා.
අවිශ්ක ප්රනාන්දු පන්දු 79කී නොදැවී ලකුණු 108ක් රැස් කළ අතර සදීර සමරවික්රම නොදැවී ලකුණු 60යි.
ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්රී ලංකා A කණ්ඩායම තුන්කොන් එක්දින තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.
