ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේදී 20-20 තරගාවලි පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20-20 තරගයෙන් කඩුලු 5ක පරාජයක් වැලඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලද මේ තරග පරාජයත් සමඟ තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

තරගාවලියේ පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන් දෙපිළටම තීරණාත්මක වූ තුන්වැනි 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියළුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 169ක්.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 88ක් තුළ දැවීගොස් තිබියදි පිටියේ එක්වු දුනිත් වෙල්ලාලගේ ලකුණු 43ක් රැස්කර ගනිමින් කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා.

කමිල් මිෂාර ලකුණු 28යි.

සුපිරි පන්දුයැවීමක නිරත වූ ෂෙමාර් ජෝශප් ලකුණු 33කට කඩුලු 5ක් දවාගත්තා.

ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 53ක් තුළ දැවීගියත් 5වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගු ෂර්ෆේන් රදර්ෆර්ඩ් සහ රෝමන් පවෙල් කොදෙව් ජයමාවත විවර කළා.

ශෙෆර්න් රදර්ෆර්ඩ් ලබාදුන් උඩපන්දු 2ක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යාමෙන් උපරිම ප්‍රෙයා්ජන ගත් රදර්ෆර්ඩ් පන්දු 40කදී ලකුණු 52ක් රැස්කළා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී පසුකර ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *