මොරොක්කෝ රබාත් හී පැවති ඩයමන් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට ඊයේ අවස්ථාව හිමි වුණා.
එහිදි රුමේෂ් මීටර 85යි දශම 9යි 7ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානය දිනාගත්තා.
මලල ක්‍රීඩා ලෝකයේ ඉහළම ගණයේ තරගාවලියක් ලෙස හැදින්වෙන ඩයමන් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි අදියර් ඊයේ පැවැත්වුණේ මොරොක්කෝ හී රබාත් හීදියි.
මෙවර තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට අවස්ථාව හිමිවුණා.
එහිදි රුමේෂ්ගේ පළමු අවස්ථාවේදී ම මීටර 85 දශම 97ක දක්ෂතාවක් පෙන්වීමට ඔහු සමත් වූණේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගනිමින්.
පළමු ස්ථානය ග්‍රෙනඩා හී ඇන්ඩර්සන් පීටර්ස් දිනාගත්තේ මීටර 86යි දශම 08 දක්ෂතාවක් දක්වමින්.
රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රෙණිගත කිරීම් හී මේවන විට 7වැනි ස්ථානයේ පසුවෙනවා.
