31 හැවිරිදි යුපුන් අබේකෝන් මීටර 100 සහ මීටර 200 තරග ඉසව් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියනවා.
මීටර 100 ඉසව්ව තත්පර 10ට වඩා අඩුවෙන් ධාවනයේ යෙදුනු පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.
යුපුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති අතර වසර 24කට පසු ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී ජයග්‍රහණය කළ පළමු පදක්කම ලෙස එය වාර්තා අතරට එක්වුණා.
මේ අතර ලොව විශිෂ්ඨතම මලල ක්‍රීඩකයන් තරග වදින ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙළට ක්‍රීඩා කළ පළමු හ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා වන යුපුන් 2022 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උලළේ මීටර 100 ඉසව්ව නියෝජනය කිරීමට සමත්වුණා.
වසර 32කට පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 100 ඉසව්ව සඳහා දකුණු ආසියානු ක්‍රීඩකයෙක් සුදුසුකම් ලැබු පළමු අවස්ථාව ලෙස එය සටහන් වුණා.
යුපුන් අබේකෝන් මෙලෙස සිය සමුගැනීම නිවේදනය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ආරම්භ වීමට තව දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය අමතමිවන් කියා සිටියේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යුපුන්ට විශාල මුදලක් මාසිකම දුන්නත් වර්තාමානයේදි එවැනි ගෙවීමක් යුපුන්ට සිදු කළ නොහැකි බවයි.
ක්‍රීඩා අමාත්‍යංශය දක්ෂතා මත පදනම්ව පමණක් ගෙවීම් සිදු කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.
කට් – යුපුන් අබේකෝන් – ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර
