LPL 2026 සියලු සංචිත මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීම කොළඹදී අද සිදුකෙරුණා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ජුලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙවර තරගාලියේදී කලම්බු කැප්ස්, ගෝල් ගැලන්ට්ස්, දඹුල්ල සික්සර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි රෝයල්ස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මෙම කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රිකට් පරිවර්තන කමිටුව සහ කණ්ඩායම්වල හිමිකරුවන්ගේ සහභාගිත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.

මෙවර තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර දෙස් විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් සමග ඍජුව ගිවිසුම් ගත වුණා.

අද පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීම සඳහා සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු ලියාපදිංචි වූ අතර ඊට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 179 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 242 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නුවන් තුෂාර කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරිම නියමිත අතර චරිත් අසලංක ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමත් මහීෂ් තීක්ෂණ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමත් නියේජනය කිරීමට නියමිතයි.

එමෙන්ම ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රමනුල්ලා ගුර්බාස් මෙවර කැන්ඩි රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන අතර මුජීබ් රෙහෙමාන් කලම්බෝ කැබ්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා.

කුසල් ජනිත් කැන්ඩි රෝයල් කණ්ඩායමත් , ඩිල්ෂාන් මදුෂංක ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත් මෙවර නියෝජනය කිරීමට නියමිතයි.

යොවුන් ක්‍රීඩකයින් වන පවන් රත්නායක දඹුල්ල සික්සර්ස් කණ්ඩායමත්, මිලාන් රත්නායක කලම්බෝ කැප්ස් කණ්ඩායම සහ ලසිත් කෘෘස්පුල්ලේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමත් නියෝජනය කිරීමට නියමිතයි.

විජයකාන්ත් වියස්කාන්ත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම මෙවර නියෝජනය කරන අතර ට්‍රෙවින් මැතිව් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත්, ගරුක සංඛෙත් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමත් නියෝජනය කිරීමට නියමිතව තිබෙනවා.

මොහොමඩ් වසීම් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියෝනජය කරන අතර ඊබ්‍රායිමි සද්රන් මෙවර නියෝජනය කරන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

සහන් ආරච්චිගේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම මෙවර නියෝජනය කරන අතර ධනංජය ලක්ෂාන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමත්, විශේන් හැළඹගේ කැන්ඩි රෝයල්ස් කණ්ඩායමත් මෙවර නියෝජනය කරනවා.

මොහොමඩ් හැරිස් කලම්බෝ කැප්ස් කණ්ඩායමත් ගුල්බදීන් නයිබ් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමත් මෙවර නියෝජනය කිරීමට නියමිතයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *