රන්සිනිගෙන් ලක්මවට රන් පදක්කමක්

හොංකොංහි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අ සමත්වුණා.

මේ තොරතුරු ශ්‍රී ලංකාව දිනූ එම පදක්කම් පිළිබඳවයි.

හොංකොංහි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් තරග කිහිපයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද එක්වුණා.

එහිදී කාන්තා මීටර 200 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ රන්සිනි පෙරේරා තියුණු අවසානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

ඒ තත්පර 24යි දශම 7කින් තරගය නිම කරමින්.


මේ අතර පිරිමි මීටර 200 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සදෙව් රාජකරුණා සහ ඔමෙල් සිල්වා සහභාගි වුණා.

එහිදී තත්පර 21යි දශම 1යි 3කින් තරගය නිම කළ සදෙව් රාජකරුණා ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන් අතර ඔමෙල් සිල්වාට හිමි වුණේ 4වැනි ස්ථානයයි.


මේ අතර මීටර 400 හතර මිශ්‍ර සහාය දිවීමේ අවසන් තරගයටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණා.

මෙම ඉසව්වේ පළමු මීටර් 400 දී ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවුණත් අනෙක් වටවලදී ශ්‍රී ලංකාව පසුබෑමට ලක්වුණා.

කෙසේ වෙතත් මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත් ඉන්දීය කණ්ඩායම තරග නීති උල්ලංගණය කිරීම හේතුවෙන් එම පදක්කම අහිමි වූ අතර ඒ අනුව සිව්වැන්නා ලෙස තරගය නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි වුණා.


මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වට එක් වූ තරුෂ මෙන්ඩිස් ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දීමට සමත්වුණා.

ඒ මීටර දෙකයි දශම 1යි 4ක දක්ෂතාවක් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *