ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක තරගය ජුලි 17 වැනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පළමු තරගය ගියවර ශූරයින් වූ ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයින් වූ ගෝල් කණ්ඩායම සමග පැවැත්වෙන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර ජුලි 17 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සමාරම්භක තරගය ජුලි 17 වැනිදා ගියවර ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයන් වන ගෝල් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
තරගාවලියේ සමාරම්භක තරගයට පෙර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී විශේෂ සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
දේශීය හා විදේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් අංග රැසකින් සමාරම්භක උත්සවය සමන්විත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කොළඹ එස්. එස්. සී., ආර් ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලේකැලේ යන ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය මෙවරද ක්‍රීඩකයින් අතර ඉහළ තරගකාරීත්වයකින් යුක්තව, රසිකයින්ට උණුසුම්, තරඟකාරී සහ විනෝදාත්මක ක්‍රිකට් අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සංවිධානය කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
