ජනපතිගේ ඇමතුම ක්‍රීඩා ඇමති මග හැරියාද ?

ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ විමසීමට ජනාධිපතිවරයා අද පෙරවරු කාලයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ දැරුවත් එය සාර්ථක නොවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මෙවන් පසුබිමක කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටයි.

ඒ සඳහා අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ටිරාන් අලස් , මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත් වනවා.

පස්වරු 6.30 ට පමණ අවසන් වූ කැබිනට් රැස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර එහිදීත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *