SUPER 8 හෙට සිට – ශ්‍රී ලංකා පළමු තරගය ඉරිදා පල්ලේකැලේදී

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තරග හෙට සිට ආරම්භ වනවා.

පළමු තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ පාකිස්තානය සහ නවසීලන්තය අතරයි.
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මූලික වටයේදී කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 20ක් තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

සුපිරි 8 දෙනාගේ තරග වටය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග තුනක් හිමිවනවා.

ඒ අනුව A කාණ්ඩයෙන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම තරගබිමට පිවිසෙද්දී බී කාණ්ඩයෙන් තරග වදින්නේ ශ්‍රී ලංකාව, පාකිස්තාන, නසීලන්තය සහ එංගලන්තයයි.

සුපිරි 8 දෙනාගේ වටයේ එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

සුපිරි 8 දෙනාගේ තරග වටය අරඹමින් පළමු තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි අට දෙනාගේ වටයේ සහභාගි වන පළමු තරගය එළැඹෙන 22 වැනි ඉරිදා එංගලන්තයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 3ට පැවැත්වෙනවා.

සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පෙබරවාරි 25 වැනිදා නවසීලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වැනි සහ අවසන් තරගය පෙබරවාරි 28 වැනිදා පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *