මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයට එක්වන නෙදර්ලන්ත කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙවර තරගාවලියේදී නෙදර්ලන්තය තරග වදින්නේ A කාණ්ඩයෙන්.
මෙවර 20-20 ලෝක කුසාලන තරගාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායම Aකාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, නැමීබියාව සහ අමෙරිකාව ඇතුළත්.
නෙදර්ලන්ත සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පෙබරවාරි 7 වැනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ නෙදර්ලන්තය සහ පාකිස්තානය අතරයි.
දිවයිනට පැමිණි නෙදර්ලන්ත පිලට කටුනායකදී හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.
