දෙවන තරගයේ ප්‍රවේශපත් මිලදීගත් ප්‍රේක්ෂකයින්ට හෙට තරගය නොමිලේ

ශ්‍රී ලංක – පාකිස්තාන දෙවන 20-20 තරගයේ ප්‍රවේශත් මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට හෙට දඹුල්ලේදී පැවැත්වෙන 3 වැනි 20-20 තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
දෙවන තරගය සඳහා මිලදී ගත් ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කර නව ප්‍රවේශපතක් ලබාගැනීමෙනේ එම අවස්ථාව ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
අද පස්වරු 5 දක්වා සහ හෙට පෙරවරු 9 සිට පස්වරු 5.00 දක්වා දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුවෙන් අදාළ ටිකට්පත් ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *