දෙවන 20-20 තරගයට වැස්ස හරස් වෙයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.

පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි පන්දුවාර 20-20 තරගය අද රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිත තිබුණේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.

දඹුල්ල ප්‍රදේශයට අද දවස පුරා වැසි ඇදහැලීම හේතුවෙන් මෙම තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව කාසියේ වාසියද උරගාබැලීම ප්‍රමාද වූ අතර නොකඩවා වැසි ඇදහැලීම හේතුවෙන් රාත්‍රී 8.35ට පමණ තරගය අතහැරදැමීමට තීරණය කෙරුණා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි.

දෙරට අතර තුන්වැනි සහ අවසන් 20-20 තරගය ලබන 11 වැනි ඉරිදා දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *