දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ ක්‍රියාන්විතයට ආධාර එක් රැස් කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20-20 තරග 2ක් පසුගිය දෙසැම්බර් 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
නමුත් තරග විකාශන කටයුතු සඳහා සැලසුම් කිරීමට කාලවේලාව අවම වීම හේතුවෙන් එම තරග දෙක පැවැත්වීමට හැකිව නැහැ.
නමුත් මේ වසරේ අගෝස්තු මාසයේ ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරග 2කට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත අතර එම තරගාවලියෙන් අනතුරුව 20-20 තරග 3කට ක්‍රීඩා කිරීමටද ඔවුන් එකඟ වී තිබෙනවා.
එම 20-20 තරගාවලියෙන් ලැබෙන සම්පූර්ණ ආදායම Rebuilding SriLanka අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.
