🔴 යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන නිවේදනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකරනු ලබන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු දිත්වා සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව නතර කර තිබුණද, මේ වන විට එහි වැඩකටයුතු සැලසුම් කළ පරිදි යළි ආරම්භ කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දිත්වා සුළු කුණාටුව හේතුවෙන් ජනවාරි මස 14වනදා පැවැත්වීමට සැලසුම් කොට තිබූ අත්හදා බැලීමේ තරගයද ඇතුලු වැඩසටහන්වලට බාධා එල්ල වූ අතර ඒ අනුව එම තරගය විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන නිවේදනයක්
