ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට ලහිරු අචින්ත අද සමත්වුණා.
ඒ මීටර් 1500 බාලක ඉසව්ව ජය ගනිමින්.
බාලිකා මීටර 1500 ඉසව්වෙ ලෝකඩ පදක්කමද හිමිවුණේ ශ්‍රී ලංකාවටයි.
මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට නෙත්මි ගිම්හානි සමත්වුණා.
ඒ බාලිකා මීටර 1500 ධාවන ඉසව්වෙ ලෝකඩ පදක්කම දිනා ගනිමින්.
ඇගේ තරග නිමි කාලය දැක්වුණේ විනාඩි 4යි තත්පර 52යි දශම 3යි 3ක් ලෙසයි
අනතුරුව පැවති බාලක මීටර 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ලහිරු අචින්ත සමත්වුණා.
ඒ විනාඩි 3යි තත්පර 57යි දශම 4යි 2ක දක්තාවක් දක්වමින්.
ශ්‍රී ලංකාව ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක දිනූ පළමු රන් පදක්කමද මෙයයි.
