HONKGKONG SIXES යන ශ්‍රී ලංකා පිල මෙන්න

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

ලහිරු මදුසංඛගේ නායකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 8ක් ඇතුළත්.

2025 හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලි 21 වැනි වරටත් මෙවර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් 12ක් සහභාගි වන මෙම තරගාවලිය එක්වන 8 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ලහිරු මදුසංඛ නායකත්වය දරන මෙම සංචිතයට ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක ඇතුළත් අතර මොවීන් සුභසිංහ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

මෙවර හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 7, 8 සහ 9 පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ගියවර මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *