දකුණු ආසියානු සුපර් කප් ශූරතාව මාලදිවයිනට

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අද පැවති දකුණු ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත් මාලදිවයින තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.

දකුණු ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ දෙවන තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදීයි.

මෙම තරගය ජය ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට පිවිසුනේ දැඩි බලාපොරොත්තුවකින්.

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වුණා.

පළමු අර්ධයේ ශ්‍රී ලංකාවට ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා 5ක් පමණ දැල ආසන්නයේදී ගිලිවුණා.

කෙසේ වෙතත් පළමු අර්ධයේදී වැඩි ගෞරව දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

පළමු අර්ධයේදී මාලදිවයින් කණ්ඩායමට සහ ශ්‍රී ලංකාවට ගෝල වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

දෙවන අර්ධයේදී දෙපිල අතර තියුණු සටනක් නිර්මාණය වුණා.

එම අර්ධයේ 66 වැනි මින්තුවේදී තරගය පළමු ගෝලය වාර්තා කරන්නට මාලදිවයින සමත්වුණේ ශ්‍රී ලංකාවට පීඩනයක් ගෙන දෙමින්.

කෙසේ වෙතත් සටන අත් නොහල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ අවසන් භාගයේදී සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වුණා.

ඒ අනුව අතිරේක කාලයේ 91 වැනි මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

අවසන් මිනිත්තු කිහිපයේද ශ්‍රී ලංකාව ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක් දැල ආසන්නයේදී ගිලිවුණේ අවාසනාවන්ත අයුරින්.

ඒ අනුව දෙපිලම ගෝල 1 බැගින් රැස් කිරීම හේතුවෙන් දෙවන තරගය ගෝල 1ට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

කෙසේ වෙතත් පළමු තරගයේදී ගෝල 3ක් රැස් කරමින් එම තරගය ජයගත් මාලදිවයින මෙම තරගයේද ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඒ අනුව මෙම තරගාවලියේ ගෝල 4ක් රැස් කළ මාලදිවයින දකුණු ආසියානු සුපර් කප් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

මාලදිවයින් කණ්ඩායම සිය ජය සැමරුවේ මෙලෙසින්.

මෙම තරගයෙන් අනතුරුව වසර 13ක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම හර්ෂ ප්‍රනාන්දු ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදුන්නා.

හර්ෂ ප්‍රනාන්දු වෙනුවෙන් මෙහිදී උපහාරපිදීමක් සිදු කෙරුණු අතර එහිදී ඔහු සංවේදී වූයේ මෙලෙසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *