සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 146කින් දෙවන 20 -20 තරගයේදී පරාජය කිරීමට සත්කාරක එංගලන්තය ඊයේ සමත්වුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත 20 -20 තරගාවලිය තරග 1 බැගින් කණ්ඩායම් දෙකම ජයගනිමින් තරගාවලිය සම තත්වක පසුවනවා.
මැන්චෙස්ටර්හීදී තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තය නියිමත පන්දුවාර 20 අවසානයේදී කඩුලු දෙකක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 304ක්.
එම ලකුණු සංඛයාව වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස තරගයක එංගලන්තය රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ඒ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් වාර්තා අතරට එක්වුණා.
එහිදි පිල් සෝල්ට් පන්දු 60කින් නොදැවි ලකුණු 141ක් රැස්කළා.
ඒ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස තරග බිමේ එංගලන්ත ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛයාව ලෙසයි.
ජොස් බට්ලර් ලකුණු 83ක් රැස්කළා.
ලකුණු 305ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට පන්දුවාර 16යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 158ක් පමණයි.
නායක ඒඩන් මාක්‍රම් පන්දු 20කදී ලකුණු 41ක් රැස්කළා.
ජොෆ්ර ආචර් ලකුනු 25ට කඩුලු 3ක් දවාගත්තා.
ඒ සමඟ තරගාවලියේ ජය තිරණය කෙරෙන තීරණාත්මක අවසන් 20 -20 තරගය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.
