ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ අතිශය පෞද්ගලික හේතුවක් මත තමන් එම භූමිකාවෙන් ඉවත්වීමට අකමැත්තෙන් වුවද සිදුවූ බවයි.
සිය තීරණය මෙරට ක්‍රීඩාවේ උන්නතිය සඳහා කැපවීමක් නොමැතිකමක් ලෙස වරදවා වටහා නොගත යුතු බවද රොෂාන් මහානාම මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
ක්‍රීඩා ප්‍රජාවට වෙනත් ආකාරවලින් සහායවීමට සහ සහායදීමට තමන් නිරන්තර කැමැත්තෙන් සිටින බවද ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
