සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා.
ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙය වනවා.
2025 – 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත්.
දෙරට අතර පළමු තරගය ගාල්ලේදී හෙට ආරම්භ වන අතර පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සිය අවසන් පුහුණු සැසියට එක්වුණා.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙයයි.
මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය සූදානම් කර තිබුණේ මෙලෙසින්.
දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ගාල්ල ක්‍රීඩාංගණයේදී අද එළිදැක්වුණා.
පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.
