ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ නවතම එක්දින ශ්‍රෙණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිව් වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පිල මීට පෙර පසුවුණේ එම සටහනේ 5 වැනි ස්ථානයේයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂික ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව
නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවද එම කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
ඒ අනුව මීට පෙර පස් වැනි ස්ථානයෙ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම නවතම ශ්‍රෙණිගතකිරීම්වල සිව් වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටිනවා.
එක්දින ශ්‍රෙණිගත කිරීම් සටහනේ පළමු ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර දෙවන ස්ථානයේ පසුවන්නේ නවසිලන්තයයි.
ඔස්ට්‍රේලියාව තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකා පිල නවතම 20-20 ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් එම සටහනේ 7 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
