තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ඊයේ නිවේදනය කළා.
ඒ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින්.
රෝහිත් ශර්මා 2013 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත්තා.
ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉන්දියා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ශර්මා 2022 වසරේ ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණා.
ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරග 24කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 12කදී ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට ශර්මා සමත්ව තිබෙනවා.
ඒ අතරින් 2023 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයට ඉන්දියා කණ්ඩායම සුදුසුකම් ලැබීම ශර්මාගේ නායකත්වය යටතේ ඉන්දියා කණ්ඩායම ලැබූ විශාලතම ජයග්‍රහණයයි.
38 හැවිරිදි රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරද්දී ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කරමින් රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 4301ක්.
රෝහිත් ශර්මා ටෙස්ට් ශතක 12කට සහ අර්ධ ශතක 18කට හිමිකම් කියනවා.
පසුගිය වසරේ එක්දින සහ 20-20 නායකත්වයෙන් ඉවත්වූ රෝහිත් ශර්මා ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිවේදනය කිරීමත් සමග මින් ඉදිරියට ශර්මාගේ නායකත්වය යටතේ ඉන්දියා කණ්ඩායම නැවතත් ක්‍රීඩා කරනු දැකගැනීමට ක්‍රීඩාලෝලීන්ට හැකිනොවනු ඇති.
