“ජනාධිපති කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ඊයේ පැවති තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
ඒ ලකුණු 48ට 29ක් ලෙසයි.
පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තවත් තරගයක් කොළඹ ලොන්ඩන් පෙදෙස සී ආර් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණේ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතරයි.
තරග ආරම්භයේ සිටම දෙපිලම ආක්‍රමණශිලි ක්‍රීඩා විලාශයක නිරත වුණා.
පළමු අර්ධය නිමා වන විට ලකුණු 17ට 12ක් ලෙස පෙරමුණේ පසුවුණේ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි.
දෙවන අර්ධයේදි සුපිරි ක්‍රීඩා විලාශයක නිරත වූ ඩී එස් ක්‍රීඩකයින් එම අර්ධයේදී ලකුණු 36ක් රැස් කිරීමට සමත්වුණා.
එම අර්ධයේදී ධර්මරාජ විද්‍යාලය රැස්කර ගත්තේ ලකුණු 12ක් පමණයි.
ඒ අනුව මෙම තරගය ලකුණු 48ට 29ක් ලෙස ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.
ඩී එස් සේනානායක විද්‍යාලය ලකුණු 48 රැස් කළේ උත්සාහක දිනුම් 8ක් සහ ගෝල දිනුම් 4ක් සමගින්.
ධර්මරාජ විද්‍යාලය උත්සාහක දිනුම් 5ක් සහ ගෝල දිනුම් 2ක් සමගින් ලකුණු 29 රැස් කළා.
