සංගක්කාර – ටෙන්ඩුල්කාර් හෙට ඉන්දියාවේදි ගැටෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ඉන්දියාවේදී ආරම්භ වනවා.

පළමු තරගය හෙට පැවැත්වෙන්නේ කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා මාස්ටර්ස් සහ සචීන් ටෙන්ඩුල්කාර් නායකත්වය දරන ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතරයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 6ක් සහභාගි වනවා.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 3ක පැවැත්වෙන මෙම තරගාවලියට නම් දැරූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක්වනවා.

ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම මෙව තරගාවලියට එක්වන්නේ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් නියෝජනය කරමින් හිටපු ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වනවා.

කුසලානය එළිදැක්වීම කණ්ඩායම් නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා සිදු කෙරුණා.

මෙවර තරගාවලියට එක්වන කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතයට රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ලහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස් , ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා ඇතුළත්.

අද පැවැත්වෙන තරගයට පෙර ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල ඊයේ දිනයේදි සිය අවසන් පුහුණු සැසියට එක් වූයේ මෙලෙසින්.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර නවි මුම්බායිහි හෙට රාත්‍රී 07.30ට පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *