වනිඳු සහ චමරි 2024 ICC 20-20 කණ්ඩායමට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.

ඉන්දියාවේ රෝහිත් ෂර්මාට එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, එංගලන්තයේ ෆිල් සෝල්ට්, පාකිස්තානයේ බාබර් අසාම්, බටහිර ඉන්දීය කොදෙව් හි නිකල්ස් පූරන්, ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්, සිම්බාබ්වේහි සිකන්දර් රාසා ද කණ්ඩායමට ඇතුළත් වේ.

මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස කාන්තා කණ්ඩායම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද නම් කර ති⁣⁣බේ.

ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙසින් නම්කර ඇත.

එසේම ඇය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම එක්දින කාන්තා කණ්ඩායමට නම් කර තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *