වාර්තා තබමින් කැන්ගරුවන් ගාල්ල හොල්ලයි – VIDEO

ඔස්ට්‍රේලියා කණ්ඩායම ආසියාවේදී ටෙස්ට් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 654ක් රැස් කරමින්.
අද දිනයට තරගය ආරම්භ කරනවිට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු‍ දෙකක් දැවි ලකුණු 330ක් රැස්කරගෙන සිටියා.

ඔස්ට්‍රේලියා පළමු ඉනිමට තවත් ලකුණු 71ක් එක්වෙද්දි දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 141ක් රැස්කරගෙන සිටි ස්ට්ව් ස්මිත් ජෙෆ්රි වැන්ඩර්සේ යැවූ පන්දුවක් හමුවේ දැවී ගියා.

උස්මාන් කවාජා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය ගාලු ‍පිටියේදී අද වාර්තා කළා.

උස්මාන් කවාජා ලකුණු 232ක් ලබා සිටියදී දැවීගියේ ප්‍රභාත් ජයසූරිය යැවූ පන්දුවක් හමුවේයි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජොස් ඉංග්ලිස් ද ශතකයක් වාර්තාකිරීම විශේෂත්වයක්.

ඉන්ගිස් සිය මංගල ශතකය ලබාගන්නා විට ඔහුගේ මාපියන් ද තරගය නැරඹීම සඳහා එක්ව සිටියා.

ශ්‍රී ලංකා පන්දු යවන්න්නට රිසි සේ පහරදුන් ඔස්ට්‍රේලියා පිතිකරුවන් අද දිනයේදී ලකුණු ලකුණු 600 සීමාව පසුකර ගියා.

ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 6ක් දැවී 654ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවූයේ ආසියාවේදී ඔවුන් ටෙස්ට් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 15ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත්වුණා.

වර්ෂාව හේතුවෙන් අද දිනයට තරග නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 44ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *