ලොව ප්‍රමුඛතම ටෙනිස් තරගාවලි 4න් එකක් වන ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලිය මේ වන විට මෙල්බර්න් නුවරදී සාර්ථකව ක්‍රියාත්මක වනවා.
එහි කාන්තා කේවල අංශයේ තුන්වැනි වටයේ තරගයක් පැවැත්වුණේ එහි වත්මන් ශූරිය වන බෙලරුස් රාජ්‍යෙය් අරීනා සබලෙන්කා සහ ස්පාඤ්ඤයේ ක්ලාරා ටෝසන් අතරයි.
සබලෙන්කා සහ ක්ලාරා අතර පළමු වටය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.
ඒ අනුව තියුණු තරගයකින් පසු පළමු වටය 7ට 6ක් ලෙස ජය හිමිකර ගැනීමට අරීනා සබලෙන්කා සමත්වුණා.
දෙවන වටයද තියුණු මුහුණුවරක් ගත් අතර එම වටය6ට 4ක් ලෙස ජය ගනිමින් අරීන් සබලෙන්කා තරගයේ ජය තහවුරු කර ගත්තා.
ඒ අනුව වට 2ට 0ක් ලෙස තුන්වැනි වටයේ තරගය ජයගත් අරීනා සබලෙන්කා මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ සිව්වැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.
