ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්

කාන්තා කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 304ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඉන්දියාවේ රාජ්කොට් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 435ක්.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ ඉන්දියා ජාතික කණ්ඩායමක් එක්දින තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එහිදි ආරම්භක කඩුල්ලට පන්දු 160කින් ලකුණු 233ක විශීෂ්ට සබඳතාවක් ගොඩ නැගීමට නායිකා ස්ම්‍රිති මන්දනා සහ ප්‍රතිකා රාවල් සමත් වුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ප්‍රතිකා රාවල් සිය එක්දින දිවියේ මංගල එක්දින ශතකය රැස්කරමින් ලකුණු 154ක් ලබා ගත්තා.

ස්ම්‍රිති මන්දනා ද ලකුණු 135යි.

ලකුණු 436ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 31යි පන්දු 4ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 131ක් පමණයි.

ඒ අනුව ඉන්දියා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *