2024 වසරේ විශිෂ්ඨතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයන වාර්ෂික ලෝක මලල ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය මොනාකෝ හිදි පැවැත්වුණා.
මෙම අවස්ථාවට සම්මාන සඳහා නිර්දේශව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන්ද එක්ව සිටියා.
මෙහිදී ක්‍රීඩාංගණයෙන් පිටත විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය නෙදරලන්තයේ සිෆන් හසන් මෙවර දිනා ගත්තා.
ඇය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර 5000 සහ දස දහස ඉසව්වල ලෝකඩ පදක්කම් දිනා ගත් අතර ඇය කාන්තා මැරතන් ඉසව්වේදී නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කමකද දිනා ගත්තා.
ක්‍රීඩාංගණයෙන් පිටත විශිෂ්ටතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර ඔලිම්පික් පිරිමි මැරතන් ඉසව්ව ජයග්‍රහණය කළ ඉතියෝපියාවේ තමිරත් තෝලා විසින් දිනා ගනු ලැබුවා.
වසරේ විශිෂ්ටතම ජවන ක්‍රීඩිකාව ලෙස ඇමරිකාවේ සිද්නි මැක්ලහ්නි ලෙවර්නි දිනා ගත් අතර ඇය ගෙවී ගිය තරග සමයේ දී කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වේ ලෝක වාර්තාව දෙවරක් අලුත් කරමින්, එහි ඔලිම්පික් රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
මේ අතර පිටිය ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යුක්රේනයේ යරසලෝවා මවුකික් විසිනි දිනා ගත්තා.
යරසලෝවා මෙවර තම ඉසව්ව වූ කාන්තා උස පැනීම ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වු අතර ඇය මීටර් 2.10ක උසක් තරණය කරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට මෙම වසරේ දී සමත් වීම විශේෂත්වයක්.
අනතුරුව වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන ප්‍රදානය කළ අතර ඒ අනුව මෙවර විශිෂ්ඨතම මලල ක්‍රීඩකයා ලෙස බොට්ස්වානා හි ලෙට්සිලේ තොබැගෝ සම්මාන දිනා ගත්තා.
ඔහු බොට්ස්වානා දේශය වෙනුවෙන් මෙවර පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දීමට සමත් වෙමින් පිරිමි මීටර් 200 ඔලිම්පික් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ ලෙට්සිලේ තොබැගෝ එම රන් පදක්කම වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ හය වැනි හොඳම කාලය ද වාර්තා කිරීමට සමත් වුනා.
මෙවර වසරේ මලල මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි වුණේ මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේදී නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කමකද දිනා ගත් නෙදර්ලන්තයේ සිෆන් හසන්.
