ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේදී පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත්වුණා.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වූ අතර එහි තුන්වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

ඩර්බන් හි පැවති පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 191කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සීමා කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණේ තරගයේ වැඩි වාසි අත්කර ගනිමින්.

ලකුණු 149ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹු දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 366ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින්.

එම ඉලක්කය හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අරඹන විට කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.

දිනේෂ් චන්දිමාල්, නායක ධනංජය ද සිල්වා අද දිනයේ අර්ධ ශතක වාර්තා කළද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව ලකුණු 516ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 282ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 233ක ජයක් හිමිකර ගත්තා.

මෙම ජයත් සමග දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වූ අතර එහි තුන්වැනි ස්ථානයේ සිට ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *