මේ වෙන කොට බංග්ලදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වන විට එම ධුරයෙන් නෙරපා තිබෙනවා.
ඊට ආසන්නතම ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ක්‍රීඩකයෙකුගේ කනට පහරදීමයි.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එලෙස නිර්භීත තීරණයක් ගනිද්දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය එවැනි සිද්ධියක් යට ගැසීමට වෙර දරන පුවතක් වාර්තා වනවා.
මෑතක පැවති පාසල් රග්බි තරගයකදී රග්බි පුහුණුකරු සනත් මාටීස් රග්බි තරගයකදී යොවුන් ක්‍රීඩකයෙකුගේ කනට ගැසූ පුවත ඔබට මතක ඇති.
ඒ පිළිබද වීඩියෝ සාක්ෂි තිබුණත් මේ දක්වා ක්‍රීඩා අමාත්‍යංශය හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරල් ෂේමාල් ප්‍රනාන්දු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
පැමිණිලි කළත් මේ දක්වා එම යොවුන් ක්‍රීඩකයාට සාධාරණයක ඉටුවූයේ නැත.
ක්‍රීඩාවේ විනයක් ඇති කළහොත් පමණක් අපට ජයග්‍රහණ ලබා ගත හැකි වන අතර මෙලෙස බලධාරින් දිගින් දිගටම මුනිවතරකින්නේ නම් ජයග්‍රහණ කිසිදා ලැබෙන්නේද නැත.
ක්‍රීඩකයෙකුගේ කනට ගැසූ හතුරුසිංහ ධුරයෙන් නෙරපීමට තරම් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට කොන්ද පණ තිබුණත්, මෙරට ක්‍රීඩා බලධාරින්ගේ නපුසංක ගති නිසා රග්බි යොවුන් ක්‍රීඩකයාට කනට ගැසූ සනත් මාර්ටීස් තවමත් රිසි සේ වැඩ කටයුතු සිදු කරයි.
නව ක්‍රීඩා අමාත්‍ය සහ වත්මන් අගමැති තුමනි මෙය ඔබේ අවධානය පිණිසයි.

