රග්බි කියන්නේ ක්‍රිකට්වලින් පස්සේ ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් ඇලුම් කරන ක්‍රීඩාව. අපේ රටේ රග්බි එහෙම නැත්නම් ශ්‍රී ලංකා රග්බි ඉස්සර ආසියාවේම ප්‍රබල කණ්ඩායමක්.
එහෙත් අද අපේ රග්බි ක්‍රීඩාවට මොකද වෙලා තියෙන්නේ. එක් එක් පුද්ගලයින්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි අද ගණිකා වෘත්තියේ යොදවන ගානකට වැටිලා.
කවුද අපේ රග්බි ක්‍රීඩාව එවැනි තත්වයකට පත් කළේ. මෙරට හිටපු රාජ්‍ය නායකයෙකුගේ පුත්තු සහ ඔවුන් වටා සිටි හෙන්චයියන්. වැඩක් කරන රග්බි පරිපාලකයින් එලවා තමා තහනමක් පනවා ශ්‍රී ලංකා රග්බි වළපල්ලටම ඇද දමලා අද අපේ රග්බි අඩියටම වට්ටලා.
2012 සිට 2018 දක්වා අසංග සෙනෙවිරත්න සහ 2018 සිට 2020 දක්වා ලසිත් ගුණරත්න රග්බි පිටුවට සීරුමාරුවට හුවමාරු කරමින් රග්බි සංගමයේ මුදල් තමන්ට රිසි සේ අවභාවිතා කළේ තමන් ගෙදරින් ගෙන ආ මුදල් බව සිතායි. ඔවුන් එම කාලසීමාවලදී රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් සිය සාක්කුවලට දමාගෙන ඇතිබවයි වාර්තා වන්නේ.
කාලෙන් කාලෙට එන ක්‍රීඩා ඇමතිලත් ගොනාට අන්දවමින් රග්බි සංගමයට රිංගා ගැනීමටද පසුව ඔවුන් නොකරපු දෙයක් නැත.
අදටත් එම වංචාකාරයින් රග්බි බලය සියතට ගැනීමට කුරුමානම් අල්ලමින් සිටියි.
හිටපුු සභාපති රිස්ලි ඉල්ලියාස්ට තහනමක් පැනවීමත් සමග රග්බි මුල් පුටුව පිනට ලැබුණු ගෲප් කැප්ටන් නලින් ද සිල්වාද මේ වන විට වංචාකාරයින්ගේ සාක්කුවට වැටී අවසන්.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද රග්බි සංගමයේ, වැඩ බලන සභාපති ධුරයට ගෘෘප් කැප්ටන් නලින් ද සිල්වා සහ නියෝජ්‍ය සභාපති රියර් අද්මිරාල් එච් ඒ යූ ඩී හෙට්ටිආරච්චි යන නිලධාරීන් රග්බි පරිපාලන කටයුතු කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු අවසර ලබාදීමද විමතිය දනවන කරුණක්.
සිය සගයන් පිරිස රග්බි පරිපාලන කටයුතු නිසි ලෙස කරන බව හැඟවීමට මෑතකදී ක්‍ර්‍රීඩා අමාතංශයේ පැවති රග්බි රැස්වීමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ පිනට රග්බි සංගමයේ කටුයුතු කරන නිලධාරීන් පිරිස අපූරු සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාටද ආරාධනා කර තිබුණේ තවත් සුපිරි රංගනයක් දියත් කරමින්.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සහ ගෲප් කැප්ටන් නලීන්ද සිල්වා මෙන්ම හෙට්ටිආරච්චි යන පිරිස් මෙහිදී රග්බි පරිපාලනයේ වංච ගැන හරි හැටි නොදත් නව ආරක්ෂක ලේකම්වරයාව ගොනාට අන්දවා රග්බි පරිපාලනය සුපිරිසුදු බව පසක් කිරීමට මහත් පරිශ්‍රමයක් දරා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම රග්බි සාකච්ඡාවට සිය හිතවාදීන් පමණක් සහභාගි වූ බැවින් නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තාට රග්බි ක්‍රීඩාවේ යට ගැසූ කළු පැල්ලම් පිළිබඳ දැන ගැනීමට නොහැකි විය.
දූෂිතයින් පන්නා දැමීමට සුපැහැදිලි ජන වරමකින් රට භාර ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලේකම්වරුත් ගොනාට අන්දන නලීන් සහ හෙට්ටි ආරච්චි වැනි ක්‍රීඩා සංගම් නිලධාරීන් සිටිනා තෙක් රග්බි කෙසේ වෙතත් රට ගොඩනැගීම සිහිනයකි.
ගරු ආරක්ෂක ලේකම්තුමා තමන්ව ගොනාට අන්දපු රග්බි නිලධාරීන්ගේ වත ගොත පිළිබඳව යළි යළිත් සොයා බලන්නේ නම් තමන් ගොනාට ඇන්දී ඇති බව සිහි වීමට ගත වන්නේද නිමේෂයකි.
