ශ්‍රී ලංකා කාන්තා පිල පළමු තරගය පරාජයට

මෙවර කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කාන්තා පිලට අද සිදු වුණා.

ඒ පාකිස්තානය සමග පැවැති පළමු තරගය ලකුණු 31කින් පරාජය වීමත් සමගයි.

කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය සාජා හිදි පැවැත්වුණේ බී කාණ්ඩය යටතේයි.

තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කාන්තා පිල දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන කාන්තා පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුණා.

ශ්‍රී ලංකා කාන්තා පිල හමුවේ පාකිස්තාන කාන්තා පිලට නියමිත පන්දුවාර 20දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 116ක් පමණයි.

ෆාතිමා සානා ලකුණු 30ක් සහ නිඩා ඩා ලකුණු 23ක් රැස් කළා.

සුපිරි පන්දුයැවීමක නිරත වූ සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී සහ නායිකා චමරි අතපත්තු කඩුලු 3 බැගින් දවා ගනිමින් පාකිස්තාන කාන්තා ඉනිම සුනු විසුනු කළා.

ලකුණු 117 ඉලක්කයක් හඹා යාමට පිටිය පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලේ මුල් කඩුලු 5 ලකුණු 52ක් තුළ දවා ගැනීමට පාකිස්තාන කාන්තා පිල සමත්වුණා.

නිලක්ෂිද සිල්වා ලකුණු 22ක් සහ විශ්මි ගුණරත්ව ලකුණු 20ක් රැස් කළද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිලට නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *