04 වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලිය මෙවර පැවැත්වුණේ වෙනිසියුලාවේදීයි.
මේ සඳහා රරටවල් රැසක් නියෝජනය කරමින් ශිෂ්‍ය භට නිලධාරීන් 500 ක අධික සංඛ්‍යාවක් සහභාගි වුණා.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ආරක්ෂක සේවා නියෝජනය කරමින් සහභාගි වූයේ යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි සහ ගුවන් හමුදාවේ සාවින්දි ජයවීරයි.
එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තා.
ශ්‍රී ලංකා යුධ හමුදා ශිෂ්‍ය භට කෝප්‍රල් නිලධාරිනී ගයනි වාසනා චතුරංගි මෙම රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ දුර පැනීම ඉසව්වෙන්.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍ය භට නිලධාරිනී සාවින්දි ජයවීර මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර යන පිහිනුම් ඉසව් වලට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
පදක්කමි දිනූ ක්‍රීඩිකාවන් දෙදෙනා ඉකුත්දා දිවයිනට පැමිණි අතර එහිදී ඔවුන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.
