සමිත දිනා දුන් පැරාලිම්පික් රිදී පදක්කම

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට සමිත දුලාන් අද සමත්වුණා.

ඒ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්.

සමිත දුලාන් මෙහිදී වාර්තා කළ දක්ෂතාව මීටර 67.03ක් වන අතර එය ඔහු ඇතුළත් F44 කාණ්ඩයේ සිය ලෝක වාර්තාවද යළි අලුත් කරමින්.

පැරාලිම්පික් F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා F42, 43, 44, 62, 63 යන කාණ්ඩවලට අයත් පැරා ක්‍රීඩකයින්ද ඇතුළත්.

කාණ්ඩ කිහිපයත් මෙම තරග ඉසව්ව සඳහා ඇතුළත් වුණත් මෙහිදී පදක්කම් හිමිවන්නේ හොඳම දක්ෂතාව දක්වන තිදෙනාටයි.

කෙසේ වෙතත් අදාළ ක්‍රීඩකයාගේ දක්ෂතාව තමන් අයත් කාණ්ඩයට ඇතුළත් වන අතර ඒ අනුවයි F44 කාණ්ඩයට ඇතුළත්ව සිටින සමිත දුලාන්ගේ දක්ෂතාව එම කාණ්ඩයේ ලොක් වාර්තාවක්ව ලෙස සටහන් වුණේ.

මීට පෙරද එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ සමිත දුලාන්.

සමිත දුලාන් මීට පෙර 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙලේදී F44 කාණ්ඩයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.

ඒ අනුව සමිත දිනාගත් දෙවන පැරිලිම්පික් පදක්කමද මෙයයි.

ඊයේ පැවති F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ රන් පදක්කම ඉන්දිය ක්‍රීඩක සුමිත් දිනා ගත් අතර ඔහුගේ දක්ෂාතව සටහන් වුණේ මීටර 70.59ක් ලෙසයි.

ලෝකඩ පදක්කම මිටර 64.89 දක්ෂතාවක් වාර්තා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා විසින් දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *