එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කළ අතර පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 5ක් දවා ගත්තා.
ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් දෙවන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු අද වාර්තා අතරට එක් වූ අතර මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ 1991 වසරේදී රුමේෂ් රත්නායකයි.
ඒ අනුව ලෝඩ්ස් පිටියේ ටෙස්ට් කඩුළු ලාභීන්ගේ නාම පුවරුවේ වසර 33කට පසු ශ්‍රී ලංකා පන්දුයවන්නේකුගේ නම අද මෙලෙසින් සටහන් කෙරුණා.
සිය පළමු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 6 ලකුණු 87ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වුණා.
