ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද මධ්‍යම රාත්‍රිෙය්දී පැරිස් ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.
ඇය සහභාගි වන මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික තරගය මධ්‍යම රාත්‍රිෙය්දී පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතයි.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ ක්‍රීඩයෙකු සහභාගි වනවා.
ඒ අනුව තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 සඳහාත්, නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහාත් අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගි වීමට නියමිතයි.
තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරග බිමට පිවිසෙන අතර ඇය සහභාගි වන මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද එක්වනවා.
මෑත කාලයේදී කාගේ වැඩි කතාබහට ලක් වු තරුෂි කරුණාරත්න ඉකුත් වසරේ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙලේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්වුණේ වසර 21කට පසු ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලකදී රන් පදක්කම් දිනා දෙමින්.
අනතුරුව පැවති ජාත්‍යන්තර තරග රැසකදී ඇය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර ඒ අනුව සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම එකම සිහිනය වන ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමට තරුෂිටද හැකියාව ලැබුණා.
මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව මූලික වටයේ තරග 6කින් සමන්විත අතර ඒ අනුව තරුෂි සහභාගි වන්නේ මූලික වටයේ 6 වන තරගයටයි.
මූලික වටයේද තරගවලදී පළමු ස්ථාන 3 හිමිකර ගන්නා ක්‍රීඩිකාවන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නියමිතයි.
තරුෂි කරුණාරත්න සහභාගි වන මූලික වටයේ හයවන තරගය අද රාත්‍රී 11යි 50ට ආරම්භ වීමට නියමිතයි.
