20-20 සුක්කානම චරිත්ට ? මුල්පෙළ පිතිකරුවන්ට විවේකයක්

ශ්‍රී ලංකා 20-20 නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එල් පී එල් තරගාවලිය පැවැත්වෙන අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

වනිඳු හසරංග ඉකුත් දෙසැම්බර් මාසයේදී ශ්‍රි ලංකා 20-20 නායකත්වයට පත් වූ අතර ඔහු මේ දක්වා 20-20 තරග 10කදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදුන්නා.

ඔහුගේ නායකත්වය යටතේ් ශ්‍රී ලංකාව ඉන් තරග 6ක් ජය ගත් අතර තරග 4ක් පරාජයට පත්වුණා.

වනිඳුගේ නායකත්වය සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ල වූයේ නිමා වූ 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිල දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්.

එවන් පසුබිමක එල් පී එල් තරගාවලිය පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වනිඳු හසරංග 20-20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ක්‍රීඩකයෙකු ලෙස තමාගේ උපරිම හැකියාව තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබාදෙන බවත් කණ්ඩායමට සහ නව නායකත්වයට සහාය වෙමින් කටයුතු කරන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පිලේ නව 20-20 නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *