ඊයේ පුහුණු තරගයකදී ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් 20-20 ලෝක කුසලානයට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනිමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකියාව ලබුණා.
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර මෙම පුහුණු තරගය පැවැත්වුණේ ට්‍රිනිඩෑඩ් හිදියි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 257ක් රැස් කරමින් දැවැන්ත ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට ලබාදුන්නා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකොලොස් පූරන් පන්දු 25කදි ලකුණු 75ක් රැස් කළේ හයේ පහර 8ක් සහ හතරේ පහර 5ක් සමගින්.
රොව්මන් පවෙල් පන්දු 25කදී ලකුණු 52ක් රැස් කළ අතර කොදෙව් ක්‍රීඩකයින් මෙම තරගයේදී හයේ පහර 18ක් වාර්තා කිරීමද කැපී පෙනුනා.
ලකුණු 256ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 222ක් පමණයි.
ඒ අනුව මෙම පුහුණු තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කළ කොදෙව් කණ්ඩායම අනිද්දා ආරම්භ වන 20-20 ලෝක කුසලානයට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගත්තා.

