පාසල් 105කට මිලියන 84ක ක්‍රිකට් භාණ්ඩ

පාසල් 105ක් සඳහා ක්‍රිකට් භාණ්ඩ බෙදාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඉකුත්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදි සිදු කෙරුණා.

මෙහිදී බෙදාදුන් ක්‍රිකට් භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 84කට අධිකයි.

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහනෙහි 2024 වසරේ පළමු අදියර ඉකුත්දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 84.3 කට අධික වටිනාකමකින් යුතු ක්‍රීඩා උපකරණ කට්ටල පාසල් 105 කට බෙදාදීම මෙහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුද ඇතුළු පිරිසක්ද එක්වුණා.

කඩුවෙල සහ කෝට්ටේ යන ආසන හැරුණු කොට කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් 45 ක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අංශයේ සහ කණිෂ්ඨ අංශයේ ක්‍රිකට් උපකරණ ඇතුළත් බෑගය බැගින්ද, පාසල් 22 කට කනිෂ්ඨ අංශයේ උපකරණ ඇතුළත් බෑගය බැගින්ද මෙදිනදී බෙදාදීම සිදු කෙරුණා.

මීට අමතරව ශ්‍රී ලංකාව පුරා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් ද ඇතුළත් තණතීරු සහිත ක්‍රීඩාංගණ හිමි පාසල් වෙනුවෙන් ‘ටර්ෆ් කටර්‘ යන්ත්‍ර 38 ක්ද මෙහිදී ලබාදුන්නා.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරාම විසිරී ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් සඳහාද උපකරණ බෙදාදීම ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇති අතර
ක්‍රීඩා උපකරණ බෙදාදීමට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙනයෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ලද මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලබාදීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *