දඹුල්ල කණ්ඩායමේ හිමිකරු යළි රිමාන්ඩ්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්.පී.එල් තරංගාවලියේදී තරග පාවාදීමකට සැලසුම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වූ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තමිම් රහ්මාන් නැමති සැකකරු ලබන 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ ලැබුවා.

එහිදී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි.

මෙම තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිල්ලිකරු හා විත්තිකරු අතර ඇතිවූ බව කියන දුරකථන සංවාද වලට අදාල හඩපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායමට නියම කළා.

ඉන් අනතුරුව නඩුව නැවත ලබන 07 වනදා කැඳවීමටද නියම වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *