ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්ව සඳහා ඊයේ එක් වුණා.
මෙම ඉසව්වේ අවසන් තරගය තත්පර 10යි දශම 1යි 6කින් නිම කළ යුපුන් අබේකෝන් එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.
යුපුන් මූලික වටයේදී තත්පර 10යි දශම එකයි 5ක දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථමස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාව ලෙසයි.

