ආබාධය මැද දිනේෂ්ට රිදී පදක්කමක්

ජපානයේ පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකවේ දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්ක දිනා ගැනීමට අද සමත්වුණා.

ඒ මීටර64.59ක දක්ෂතාවක් දක්වමින්.

තෙවන අවස්ථාව අවසානයේ දිනේෂ් ප්‍රියන්ත යම් ආබාධයකට ද මුහුණ දුන් අතර එසේ නොවන්නට තරගයේ තීරණය වෙනස් වන්නට ද ඉඩ තිබුණා.

අවසන් අවස්ථා වටය වන තෙක්ම දිනේෂ් පළමු ස්ථානයේ රැදී සිටි අතර අවසන් අවස්ථාවේ කියුබානු ක්‍රීඩක වරෝනා ගොන්සාලෙස් මීටර65.16ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *