මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් , අමෙරිකාවේ සත්කාරකත්වයෙන් ජුනි මස දෙවැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඊට එක්වන 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය ඊයේ නම් කළ අතර නායකයා ලෙස කටයුත කරන්නේ බාබර් අසාම්.
බාබර් අසාමි 20-20 ලෝක කුසාලානයකදී පාකිස්තාන පිල මෙහෙයවන තුන්වැනි අවස්ථාව මෙයයි.
පාකිස්තානය සිය සංචිත මෙලෙස ඊයේ නිවේදනය කළේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම්වල සංචිත ඉදිරිපත් කිරීම සඳහා ICC ලබා දී ඇති කාලය අවසන් වීමට පැය කිහිපයක් තිබියදීයි.
වේගපන්දු යවන ක්‍රීඩක අබ්බාස් අෆ්රිඩි මෙම සංචිතයට ඇතුළත් අතර වේගපන්දු යවන්නන් 5 දෙනකු පාකි්තාන සංචිතයට ඇතුළත් වනවා.
ශහීන් ෂා අෆ්රිඩි, මොහොමඩ් අමීර්, නසීම් ෂා සහ හැරිස් රවුෆ් වේග පන්දු යවනන්න් ලෙස පාකිස්තාන සංචිතයට නම් කර තිබෙනවා.
ඉමාඩ් වසීම්ද සංචිතයට ඇතුළත් අතර විශේෂඥ දග පන්දු යවන්නෙකු ලෙස අබ්‍රාර් අහමඩ් සංචිතයට ඇතුළත්.
මෙවර 20-20 ලෝක කුසලානයේදී පාකිස්තානය A කාණ්ඩයෙන් තරග වදින අතර ඒම කාණ්ඩයට ඉන්දියාව, අයර්ලන්තය, කැනඩාව, සහ සම සත්කාරකත්ය දරන අමෙරිකාවද ඇතුළත්
20-20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහභාගි වන පළමු තරගය ජුනි 6වැනිදා සත්කාරක අමෙරිකාවට ඒරෙහිව පැවැත්වීමට නියමිතියි
