වසර 22කට පසු බොක්ංසි සංගමයට නව සභාපතිවරයෙක්

වසර 22කට පසු ශ්‍රී ලංකා බොක්සිං සංගමයට නව සභාපතිවරයෙක් පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ මෙතෙක් සභාපති ධූරය දැරුවේ ඩයන් ගෝමස් මහතායි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ලෙස වසර 22-ක් පුරාවට නිතරගයෙන් ඩයන් ගෝමස් මහතා තේරී පත් වූ නිසා මෙතෙක් කල් නිලවරණයක් කැඳවා තිබුණේ නැහැ.

ඒ අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ නිලවරණයක් පැවැත්වුණේ වසර 22කට පසුවයි.

කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ නිලවරණයේ නව සභාපතිධූරය වෙනුවෙන් සංගමයේ හිටපු උප සභාපති වසන්ත විධානගේ සහ අනුරුද්ධ ශානක බණ්ඩාර තරග වැදුණා.

නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රීඩා සමාජ 15ක් සුදුසුකම් ලබා සිටියා.

එහිදි ක්‍රීඩා සමාජ 10ක ඡන්දය අනුරුද්ධ බණ්ඩාරට හිමිවුණු අතර වසන්ත විධානගේට හිමිවුණේ ක්‍රීඩා සමාජ 5ක මනා පමණයිත

ඒ අනුව අනුරුද්ධ ශානක බණ්ඩාර ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ධුරයට තේරී පත්වුණා.

නියෝජ්‍ය පොලිස්පති හිටපු ශ්‍රී ලංකා බොක්සින් කණ්ඩායමේ නායක සමන් ගුණරත්න බොක්සිං සංගමගේ ලේකම් ලෙස තේරී පත්වුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *