අමෙරිකාවට ඉතිහාසගත ක්‍රිකට් ජයක්

බංග්ලාදේශයට එරෙහිව ඓතිහාසික 20 -20 තරගාවලි ජයක් වාර්තා කිරීමට අමෙරිකාව ඊයේ සමත්වුණා.

අමෙරිකාව,ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබු පළමු අවස්ථාව මෙයයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අමෙරිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 144ක් රැස්කරගත්තා.

මොනාක් පටෙල් පන්දු 38කදී ලකුණු 42ක් රැස්කළ අතර ආරෝන් ජෝන්ස් ලකුණු 35යි.

ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 92ක් තුළදි දැවිගියා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 138ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා නජිමුල් ෂැන්ටෝ ලකුණු 36ක් රැස්කළ අතර ශකීබ් අල් හසන් ලකුණු 30ක් රැස්කළා.

අලි ඛාන් ලකුණු 25 ට කඩුලු තුනක් දවාගත්තා.

ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළ අමෙරිකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි විස්ස තරගාවලියේ ජය හිමිකරගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *