ශ්‍රී ලංකව පළමු ආසියානු රන් පදක්කම දිනා දුන් නාගලිංගම් දිවිසැරය නිමා කරයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිවීරසිංහම් ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

89 වැනි වියේ පසුවූ වෛද්‍ය එදිරවීරසිංහම් 1953 වසරේ සිට දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවට හිමිකම් කීවා.

1958 ජපානයේ ටෝකියෝ නුවර පැවැති 3 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී 2.03ක නව ආසියානු ක්‍රීඩා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තා.

මීටර් සහ 1962 දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

පසුව මෙරට මලල ක්‍රීඩා දියුණුවට විශාල දායකත්වයක් ලබාදුන් ඔහු විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල මලල ක්‍රීඩා දියුණුව වෙනුවෙන් වැඩසටහන් රැසක් දියත් කළා.

මෙරටින් බිහිවූ තවත් උස පැනීමේ ශූරයකු වූ මංජුල කුමාරගේ ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් ඔහු අපමණ දායකත්වයක් සැපයූ අතර මිය යන තුරුම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සමඟ නිරන්තරව ඇසුරු කළා.

1952 හෙල්සින්කි සහ 1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ආචාර්ය එදිවීරසිංහම්.

ඔහු යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *